අදින් අඩ දශකයකට ඉහත අතීතයේදී සිදුවූ පුවතක තොරතුරු ගෙන එන්නයි මේ වෑයම...සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන්න සූදානම් වුණු ඒ කාලේ... ජීවිතයේ මෙතෙක් ගෙවුණු ඒ සුන්දරතම සමයේ... අහම්බයකින් වගේ පබැඳුණු ඒ පද මාලාවන් නැවත ආවර්ජනය කිරීමයි මේ.... අඩ දශකයකට කලින් වුණු නිසා ගමන් මගේ බොහෝ දෑ වෙනස් වී ඇති...එසේ වුවත් ඒ මතක එලෙසින්ම ඔබ හමුවේ තබන්නට යි මේ සූදානම...මේ පෙම් විහඟ සඳෙස හෙවත් Love Bird සංදේශයයි...
Love Bird සංදේශය
තෙරුවන් සිහි කර ආශිර්වාද ලබා ගමු
සසර කතර තරණය කර
නිවන් දැක
නිමා කොට ගෙවා
භවයේ සසර දුක
සෙත සලසමින් සතහට
පා දහම් සක
දෙපා සිඹ වඳිමි
මම බුදු සමිඳු දැක
බුදු සිරි මුවින්
ගිලිහුණු ඒ දහම් කඳ
නිකලැල් කොට දෙසූ
හිමියන් දහම් පද
ස්වාක්ඛාත ලෙස
දෙසු ඒ පද නිබඳ
වැතිර වඳිමි තිරකැර
මම දහම් සඳ
ස්ථිර හඬින් සසරින් එතෙරට සරසා
බුදු මඟ යමින්
ලෝ සතවෙත සෙත සලසා
සදහම් නදින් සිරිසෙත
සලසන එලෙසා
වඳිනෙමි සඟුන්
නමලා පාමුල සිරසා
බුදුන් ලොව අග වෙති
දෙසූ බණ සදහම් නිති
පිළිපදින සඟ ගති
ලැබේ තිසරණ සරණ සුවැති
අරමුණ හා ඇතුලාන්තය කෙටියෙන්
පෙර බොහෝ පඬිවරුන්
සැලසුණු නේක කරුණින්
ලියා ඇතිමුත් බොහෝ සඳසුන්
එහෙත් නොවුණිය
මෙවන් පැතුමන්
දරුවන් ද ඉල්ලා
රජ සැප ද යැදලා
දෙස් දෙවොල් තියලා
ලියැවි සඳෙසුන්
බොහෝ එකලා
මා සිත මත රැඳුණ
කුමරියක සිත ගන්න
දෙවියන් යදිමින්න
ලියමි මෙ සඳස නොමැති සන්න
කළවම් හෙළ බසින්
ලියමි මෙ සඳස මන්
නොකර සිත හොල්මන්
පෙම් විහඟ සංදේසෙ අසපන්
Love Bird නම් සකී
ඌ පුංචි විහඟෙකි
පෙම් විහඟ යනු සකී
සිංහලෙන් ඒ ඌට නමකී
අනඟ දෙවිඳුන් මන්
වදිම් සුන්කර මන්
ගන්න ට මෙම ට රොන්
මා නෙලූ මල මා
අතට දෙන්
දූතයා ගැන
දූතයා ගැන ඊළඟ කොටසින් දැනගමු...
Ela... Great Work...
ReplyDelete