මහරජ තුමාගේ ප්රශ්නයේ සිට ඉදිරියට...
"නැත මහ රජාණෙනි...මම නොදන්නෙමි..."
"එම්බා දුෂ්ට අසත්පුරුෂය...තා විසින් සිදුකර
ඇත්තේ මහ බරපතල අපරාධයකි..."
"අහෝ දේවයන් වහන්ස...මම එය නොකළෙමි..." පිටි
කඩේ අයිතිකරු හඬා වැටෙන්නට විය.
"තා විසින් කළ වරදවත් නොදන්නා බව තා මින් පෙර
පැවසුවා නොවේද?දැන් නොකළ බවට විලාප දෙන්නේ කුමන වරදකටද?මුසා නොදොඩා හිටු..."මහ
රජතුමා උදහස් වුණා.
"නඩු භාර නිලධාරී..."
රජතුමාගේ අණින්
නඩුභාර නිළධාරි තැන කරුණු පැහැදිලි කරා...
"එම්බා පිටි කරුව,තා විසින් විකුණන නරක්
වූ,කෑමට නුසුදුසු
වූ පිටි නිසා අහිංසක යුවළක් මහා විපත්තියක ට මුහුණ පා සිටී.එසේ නරක් වූ පිටි විකිණීමට
හේතු කියනු...නැතහොත් තගේ හිස ගසා දමමි..."
"නඩු භාර නිළධාරි..." රජතුමාගේ හඬ උස්ව නැගී
ආවේ වයර් මීයො කාපු Sub-Woofer එකක වගේ...
"තට නියමව ඇත්තේ නඩු අඬ ගැසීමයි.දඬුවම් පැමිණවීම
මාගේ කටයුත්තකි...තමන්ගේ වැඩක් බලා නොගෙන අනුන්ගේ දෙයට හොම්බ දැමීමට පාඩමක් ලෙස මෝල්
ගස් පහර පහක් හා Iodex කුප්පියක් නියම කරමි...හොට දිග පිළිහුඩුවා..."රජතුමා
නියම කළා...
"පස්වාන් දහසකට සමාවන්න දේවයන් වහන්ස..."
"තව මෝල්ගස් පහර දෙකක් නියම කරමි..."
"ඒ කිම්ද මහරජාණෙනි?"
"මම තට පැවසුවා නොවෙද ඔය වදන් පෙළ නොදොඩන ලෙස..."
"රාජ පුරුෂයනි,නඩුවාරයෙන් පසු දඬුවම්
ක්රියාත්මක කරව"
"දැන් කියනු...ඇයි තොප එසේ
නරක් වූ පිටි විකිණුවේ...?"
"මහ රජතුමනි,මා විසින් මේ හිතාමතා කළ දෙයක් නොවේ...මගේ පිටි
ගබඩා කාමරයේ ඇතැම් තැන් වැස්සට තෙමේ...එනිසා මෙසේ පිටි නරක් වූ බව මට සිතේ මහ රජතුමනි."
"ඇයි තොප දමා ඇත්තේ Rhino වහලක් නොවේද?"රජතුමා ප්රශ්න කළා.
මේ අසා සිටි භාණ්ඩාගාර
භාර නිලධාරියා රජුට ලංවී මෙසේ කීවා...
"අවසරයි මහරජතුමනි, Rhino ලා අපට ගෙවිය යුතු අයබදු පැහැර හැරලා ස්වාමීනි.ඔවුන්
ගැන මෙසේ උසස් කොට කතා කිරීම නොහොබී..."
"එසේද? Rhino ගැන මම පස්සෙ බලා ගන්නම්"යි කී රජතුමා මඳ
කල්පනාවකට වැටුණා...
"පෙනෙන ලෙසට නම් වරද ඇත්තේ
මොහු අත නොවන බව පෙනේ...කුමක් කළ යුතුද?"යි කල්පනා කළ රජතුමා
මෙසේ ඇසුවා...
"තොපේ ගබඩාවන් එසේ තෙමෙන්නේ
මන්ද?"
"මහ රජතුමනි, මගේ ගබඩාවේ වහලේ උළු සෙවිලි කළ උළු බාස් එය හරියට
කරල නෑ.එනිසයි ගබඩාව තෙමෙන්නේ උතුමාණනි..."පිටි කරුවා හඬමීන් පිළිතුරු දුන්නේ
අති උත්තම කැකිල්ලේ නරේන්ද්රයානන්ගේ තීන්දු තීරණ මොන පැත්තට කැරකේදැයි කියන්නට ශක්ර
ගේ Son වයිමාටවත් බැරි බව දැනසිටි
නිසාවෙනි.
"තම රාජකාරිය හරි හැටි ඉටු
නොකරන මෙවන් කාලකන්ණි පුද්ගලයින් මාගේ රාජධානියේවත් සිටීම නුසුදුසුය"කී රජතුමා
එම උළුකරුවා රැගෙන ඒමට රාජපුරුෂයන්ට අණ කළා.
මේ අතර තරුණ වියේ
කොල්ලෙකුව රාජපුරුෂයන් විසින් රැගෙන ආවා...
"මොහු කවරෙක්ද?"රජතුමා ඇසුවා...
ඒ අරගෙන ආවේ කාවද? කව්ද ඒ...? මොනව කරපු කෙනෙක්ද? ඊළග කොටසින් හමුවෙමු...රැඳී සිටින්න අප සමගම...