කොහොමද ඉතින්...වෙන කවරදාවත් නොවුනු විදිහට පටන් ගන්න තැනක් හිතා ගන්න බැරුව අද මම අතරමං වෙලා.මෙ මාතෘකාවෙදි හිතට අදහස් ගලාගෙන එන වේගය බොහොම වැඩියි.ඒක හින්දා අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ...කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ...එහෙම ගලාගෙන එන සිතුවිලි එකින් එක වෙන් කරල අරගෙන එකට ගලපන්න දරන මෙ උත්සාහයෙ සාර්ථක අසාර්ථක භාවය නිර්ණය කිරීම කියවන ඔබට බාරයි.
“ලෝකය පුබුදු වන්නට සෙනෙහස ඕනේ
සෙනහස නොමැති තැන ලෝකයකුත් නෑනේ.”
එහෙම නේද?ආදරය සහ අපි.ඇත්තටම හරිම සංකීර්ණ මාතෘකාවක්. ආදරය කියන්නෙ මෙලොව උපදින සියල්ලන්ටම උරුම විය යුතු අත්‍යවශ්‍ය දෙයක්.මම නම් හිතන්නෙ නෑ මේ ලෝකේ කවුරුවත් ඇති කියලා අදරය සෙනෙහස අවශ්‍ය නැති."මට කාගෙවත් ආදරයක් ඕනේ නෑ.මට තනියෙන් ඉන්න පුළුවන්." මෙහෙම කියන අය ඔනෙ තරම් ඇති.ඒත් යාලුවනේ ඒක නෙවෙයි ඇත්ත.ඔය කොහොම කිව්වත් ආදරයක් නැති තැන ජීවිතයක් නෑ.ආදරයට සංවේදී වීම මිනිස් ස්වභාවය.ඒක වලක්වන්න බෑ.තිරිසනුන්ට පවා ආදරය අවශ්‍යයි.ඒක තමයි ඇත්ත.
මව් කුසින් මෙලොවට බිහිවෙන දරුවෙක් මුලින්ම ඉල්ලන්නෙ මොකද්ද?...මොනවද?...ආදරය නේද?ඔව්.අම්ම ගෙන් දරුවට ලැබෙන ආදරය මත තමා දරුවා පවතින්නේ. කිසි කලෙක වෙනස් නොවන ඒ වගේම දිවිය පුරාම රැඳෙන එකම ආදරය තමා මවකගෙ ආදරය.දෙවැනි බුදුන් ලෙස අම්මට උපමා කළේ ඒ නොසිඳෙන ආදරයේ ප්‍රබලත්වය නිසාමැයි....නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ...කපුගේ මහත්තයාගේ මේ සිංදුවෙන් ඒ ආදරයේ ප්‍රබලත්වය හොඳටම පැහැදිලි වෙනවා...
හරි හරි යාලු...කලබල වෙන්න එපා.මං තාත්තලගේ ආදරය අවතක්සේරු කරනවා නොවෙයි.ඒ ආදරයත් මුලු ජීවිත කාලය පුරාවටම පවතිනවා.හැබැයි ඒක වැඩිය දැනෙන්නේ නැහැ.හැංගිලා වගේ තමයි තියෙන්නේ.පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි... කියලා කිව්වේ ඒකයි.තාත්තලගේ ආදරය ගැන කතාවෙන කොට මට මතක් වෙනවා ජෝතිපාල මහත්තයගේ ගීතයක්.මහලු මඩමක තනිවුණ අසරණ තාත්තා තමංගේ අන්තිම හුස්ම යන මොහොතෙදිත් ප්‍රාර්ථනා කරන්නේ තමංගේ පුතාට ලෝකයේ අපවාද නොලැබේවා කියායි. ලෝකයේ හොඳනම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලදාපන්...ඒ සින්දුවෙදි කියවෙන්නේ එහෙමයි.
ඊට පස්සේ ඒ කියනනේ අම්මගේ තාත්තගේ ආදරයෙන් පස්සෙ අපට ලැබෙනවා ගුරුවරුන්ගේ ආදරය.ඒක තමයි පිටතින් නොපෙන්වන ආදරය.තමන් ගේ ශිශ්‍යයා යහ මඟට ගන්න ගුරු මවක් පියෙක් කොපමණ නම් වෙහෙසෙනවද?ඒ ආදරයත් අමතක කරන්නම බෑ.පෙර පාසල් ගුරුතුමියගෙන් අපි ලබපු ඒ ආදරය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.අපි පුංචි කාලේ මොකක් හරි දේකට අඬන කොට පෙරර පාසල් ගුරුතුමිය අපිව සනසවපු හැටි...මතකයි නේද?...මට මතකයි ඒ වගේ එක අවස්ථාවක මගේ ගුරුතුමියගේ ඇස් වලත් කඳුලු තිබුනා.ගුරුවරයෙක් කවමදාවත් කැමති වෙන්නේ නෑ තමන්ගෙ ශිෂ්‍යයන්ගේ ඇස් වල කඳුලු දකින්න.
මං තව මගේ අත්දැකීමක් කියන්නම්...පුරා වසර එකකුත් මාස තුනක් විතර අපේ පන්තිභාර වෙලා හිටපු අපේම ආදරණීය ගුරුතුමා විශ්‍රාම යන වෙලාවෙ කරපු කතා ව මට මතක් වෙනවා.ලේසියෙන් ඇඬෙන්නේ නැති මටත් ඇත්තටම එදා ඇඬුණා.මට විතරක් නෙවෙයි.මගේ යයාලුවන්ට යෙහෙළියන්ටතත් ගොඩාක් ඇඬුණා.ඒත් සර් අපිට කිව්වේ අඬන්න එපා මගේ දරුවනේ කියායි...මට මතක තියෙන විදිහට සර්ගෙ කතාවෙන් කොටසක් කියන්නම්.
මම මේ ඉස්කෝලේ රැස්වීමක අමතන කොට පොඩි සම්ප්‍රදායක් තිබ්බා.ඒ තමයි සර් කතාව ඉවර කරන්නේ කවියකින් කියන එක...අදත් මම ඒ සම්ප්‍රදාය කඩන්නේ නෑ....මෙහෙම කියපු සර් කවිි දෙකකින් කතාව ඉවර කළා.මට ඒ කවියෙ අන්තිම පදේ විතරයි මතක...හිනැහී සමුදෙන්න මගේ ආදරණීය ළමයි... දැන් තේරෙනවා නේද? ගුරුතුමෙක් කවදාවත් තමන්ගේ ශිෂ්‍යයින්ගේ කඳුලු දකින්න කැමති නෑ.ඒකයි සර් අඬන අපිට හිනැහෙන්න කීවේ.අන්න ඒ නිසයි ගුරු ආදරය අපිට අමතක කරන්නම බැරි...
හරි. ඉතින් දැන් එළඹෙන්නේ අපි හැමෝම ගොඩක් වෙලාවට පොට වරද්ද ගන්න ආදරය වෙත.ඒ කියන්නේ යොවුන් ආදරය වෙත.මේ ගැන කතා කරන කොට අපේ ගොඩක් වැඩිහිටියන්ගේ අදහසක් තමයි යොවුන් කාලයේ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලයේ ආදරය කරන එක හොඳ නෑ කියන අදහස.ඒත් ඒක සියයට සියයක්ම නිවැරදි කියල කියන්නත් බෑ.හැබැයි ඒක වැරදිත් නෑ.මොකද පාසල් කාළේ ආදරය නිසා ජීවිතේ අනාගෙන විඳවන අය අද සමාජයේ ගොඩක් ඉන්න නිසා.
ඒත් බුද්ධිමත්ව කල්පනා කරල යහපත් විදිහට කරනවනම් පාසල් කාළේ ආදරය ජීවිතය ජය ගන්න උදව් කරගන්න පුලුවන්.ඒ නිසා මගේ අදහස නම් පාසල් කාලේ ප්‍රේමයටත් අපේ ජිවිත වල ඉඩක් තියෙන්න ඕනේ කියන එකයි.ඒ ගැන ඔයාලට ඔයාලගෙම පෞද්ගලික මත තියෙන්න පුලුවන්.මේ මට හිතෙන හැටිනේ.පාසල් ප්‍රේමය මිහිරි ලෙස අත්විඳින්න පුලුවන් වෙන්න ඕනේ.හැබැයි අපි මෙතනදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ.මොකද දන්නවද?..ආදරය කියන්නේ හැඟීම් මත පවතින දෙයක් නේ...එහෙම නේද? ඒක නිසා සරාගික ආදරය එහෙම නැත් නම් රාගය මිශ්‍ර ආදරයත් ඔය ආදරය තුළම පවතිනවා...
ඒත් පාසල් කාලේ ආදරය එහෙම වුණොත් ඒක භයානක වෙන්න පුලුවන්.මොකද අපි සමාජ සත්ත්වයන්නේ...ඒ නිසා අපි පාසල් ආදරය අත්විඳින්න ඕනේ බොහොම සංයමයෙන්.ආත්මීය බැඳීමකට ඉඩ දෙමින් ඒ ආදරය අත් විඳින්න ඕනේ.ආදරය කියන්නේ අල්ලා ගැනීමක් එහෙමත් නැත්නම් අත්පත් කර ගැනීමක්ම නොවෙයි කියන එකත් අපි වටහා ගන්න ඕනේ.ඒ වගේම තමයි අපේ මේ මාතෘ භූමිය බොහොම සදාචාර සම්පන්න සංස්කෘතියකට උරුමකම් කියන රටක්.ඒ නිසා සංස්කෘතික සම්බාධක ගැනත් හිතලා(ඒ වුණත් ඒවා මත්තෙම නැහෙන්න යන්න එපා)අවංකව තීරණ අරගෙන ආදරය කරනවනම් පාසල් කාලේ ආදරය හරිම සුන්දර අත්දැකීමක් වේවි.ඒත් මතක තියාගන්න...පාසල් කාලේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ අධ්‍යාපනයට.මතකද මේ ගීතය...දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාලුව තනිකම දැනෙනවනම්...මේ ගීතයේ කතානායකයට වුණදේ තමන්ට සිද්ධ වෙන තැනට වැඩ කරගන්න එපා...ඒකයි මගේ ඉල්ලීම.මං හිතනවා මම මේ කියපු දේවල් වලින් ඔබට කුමක් හෝ දෙයක් ගත හැකි කියලා...අවසාන වශයෙන් මේ බුදු වදනත් මතක තියාගන්න...
පේමතෝ ජායතී සෝකෝ-ප්‍රේමය නිසා දුක උපදී...
.............Live & Let Live.............

0 comments:
Post a Comment