අතීත මතක අතර සැරිසරමින් ඉන්න කොට මම දහය එකොළහ වසර වල ඉඳිද්දි මගේ යාළුවෙක් වුණු ශෂික ගේ මුවේ නිතර රැඳුණු වදනක් මගේ හිතට ආවා...මතෘකාව විදිහට තියෙන්නෙ ඒ වදන තමා..."උසස් දේ සරලයි..." ඇත්තටම ඒක එහෙමද?
ඇත්තටම සරල බව කියන්නෙ මොකද්ද?ඒකට එක එක අය ළඟ එක එක උත්තර තියෙන්න පුළුවන්..,ඇත්තටම සරල බව කියන්නේ විස්තර කරන්න බැරි වුණත් දැනෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ...ඒ කිව්වේ අපි මොකක් හරි සරල දෙයක් දැක්කම, ඒක අපිට සරලයි කියල දැණුනට ඒක සරල වෙන හැටි විස්තර කරන්න අමාරුයි නෙ නේද?ඒක අපිට දැනෙනවා,ඒත් විස්තර කරන්න බෑ...
උසස් දේ සරල වෙන හැටි ගැන මට හිතෙන හැටි මම මෙහෙම කියන්නම්...

එදා පරිගණක මුල් යුගයේ තිබූ උපකරණ වල
සංකීර්ණ බව...ඒත් අද...?
බාහිරව ඒ සංකීර්ණ ගතිය නැතිවෙලාම
ගිහින්... ඔව් ඔව්.ඇතුලතින් සංකීර්ණයි තමා.මම මේ කියන්න හදන්නෙ සෑම උසස් දෙයකම
යම්කිසි සරල කමක් තියෙන බව...
මට මතකයි ප්‍රංශ මහා ලේඛක් ඇලෙක්සැන්ඩර් දියුමා එයාගේ ශ්‍රේෂ්ටතම කෘතිය වුණු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාවෙදි මෙන්න
මෙහෙම කියනවා...(මම නම් කියෙව්වෙ හෙළයේ අග්‍රගණ්‍ය පරිවර්තකයා විදිහට සැලකෙන
කේ.ජී.කරුණාතිලක මහත්මයාගේ පරිවර්තනය...මම කියවපු හොඳම පොත් අතර ඉහලම තැනක් මේ
පොතට ලැබෙනවා)
"උපසිටු තුමා මේ ලෝකේ සංස්කෘතීන් සභ්‍යත්වයන්
ඇත්තටම සංකීර්ණත්වයේ සිට සරලත්වයට ගමන් කරනවා...."මට හිතෙනවා ඒ අදහසත් වැරදි
නෑ කියලා...ඉස්සර සංකෘතින් වල සමහර සංකීර්ණ දේවල් අද සරලම සරල වෙලා...එදා
වික්ටොරියානු සමාජයේ කාන්තා ඇඳුමයි...අද සමාජයේ කාන්තා අඳුමයි අතර කොයි තරම් නම්
වෙනසක් තියෙනව්ද?අද අඳුම කොයිතරම් නම් සරලද...?
වික්ටෝරියා අත ඇරල දාමුකෝ... බලන්න
සිංහල කාන්තා ඇඳුම දිහා...සංස්කෘතිය ඉහලින්ම තිබුණු හෙළ රජ දවස ඒ සරල ඇඳුමේ
සිට...නිළමෙලගේ යුගයේ පැවති සංකීර්ණ ඔසරිය සාරිය හරහා වර්තමාන ඇඳුමේ තියෙන සරල
බවටම පැමිණිම ම ඇති නේද උදාහරණයට...සංකීර්ණත්වය හරහා සරලත්වයට...
සරල බව ගැන මට හිතෙන දේ තම ඔය...මට හිතෙන දේ...දැන් මෙතන සංස්කෘතිය විනාසවෙනවය කිය කියා රෙද්ද උස්සං දුවන් එන්න එපා...මේ මට හිතෙන හැටි... සරල බව ගැන කියපු එකේ මේකත් කියන්නම්...අන්තර් ජංජාලේ සැරිසරනකොට හම්බුණා අපූරු සරල බ්ලොග් එකක්...සරලයි...ගිහිල්ල බලන්නකො...ටකබුං බ්ලොග් එකට..ඒ ගමන්ම වර්ණ බ්ලොග් එකටත් ගිහිල්ල බලන්න...හිතට වදින දේවල් තියේවි...එහෙමනම්... අපි ගියා...නොරිදවා නොරිදවී ජීවත් වන්න...Live & Let Live
0 comments:
Post a Comment